වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද (28) ආරම්භවීමට නියමිත බව වාර්තා වේ .
ඊට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේය.
මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (28) සහ හෙට (29) යන දෙදින තුළ ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට ද නියමිතව තිබේ.