කූට ව්‍යාපාරිකයින් විසින් වාහනහිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිනීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ ශාන්ත නිරිඇල්ල මහතා ,
“ජනතාවගෙන් සෑම කෙනෙක්ම වගේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් භාවිත කරනවා. මේවට භාවිත කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත්භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මෑතකදී නිකුත් කරනු ලැබුවා.”
“ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරනනු ලබන ලිහිසි තෙල් නැවත වතාවක් පිරිපහදු කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. ඒ වගේම ග්‍රීස්වලට පිටි මිශ්‍ර කරලා නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. මේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දැනුවත් නැහැ. මේ වගේ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් වෙන්න තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා.”