තරුණයින් දෙදෙනෙකු විසින් කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යක පල කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඉකුත් 29 වනදා රාත්‍රියේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළුව 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙහිදී අදාළ තරුනයින් දෙදෙනා තුවාල ලබා ඇති අතර මොවුන් රෝහල්ගත කිරීමට යාමේදී ගැටුම උග්‍ර වී ඇති බව සඳහන් වේ.මෙම ගැටුමෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙම ගැටුම පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබා ඇති බව ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 31 දෙනා හැර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව පොලිසිය සඳහන් කර තිබේ.














































