බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී ඇති බව වාර්තා වේ.
භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ පොහොය දිනයක් ලෙස බිනර පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.
මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් උන්වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බව සඳහන්.
බිනර පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.














































