2008 වර්ෂයේදී කොළඹ , හෝටන් වටරවුම ප්‍රදේශයේ මගී බස් රථයක් තුළ බෝම්බයක් පුපුරුවා මිනිස් ඝාතන සිදු කිරීම තැත් කළ සිද්ධියට අදාළ සැකකරු වන නාගලිංගම් මදනසේකරන් නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළ බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කළ බව ද වාර්තා කරයි.














































