බත් පිඟානක් ලබාදෙද්දී තම නැගෙණියගේ අත මිරිකීම හේතුවෙන් යුධ හමුදා හිටපු රගර් ක්‍රීඩකයෙකු විසින් ඔහුගේ ඥාති සහෝදරයාට පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව වාර්තා වේ .
සැකකාර පුද්ගලයා විසින් ඥාති සොහොයුරාගේ දෑත් වලට පිහි පාරවල් විස්සක් පමණ එල්ල කර ඇති බව සඳහන්.
නමුත් අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ. ඔහුගේ තුවාල වලට මැහුම් පනහකට ආසන්න ප්‍රමාණයක් යොදා ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි යුධ හමුදා හිටපු රගර් ක්‍රීඩකයෙකි.
එමෙන්ම පහර දීමට යොදා ගත් සෙන්ටිමීටර් 12ක් පමණ දිගැති තියුණු දෙපැත්ත කැපෙන කිනිස්සක් ද පොලිස් භාරයට ගෙන තිබේ .














































