ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල් රියදුරෙකු තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
මෙලෙස පිහියකින් පහර දී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයාගේ මස්සිනා වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සඳහන්.
පහර කෑමට ලක්ව ඇත්තේ සෙවනගල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වැල්ලවාය පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































