ඊයේ (18) රාත්‍රියේ බලංගොඩ සේනක පෙදෙස , බලගහමුල ප්‍රදේශයේ එකම පවුලේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරයා අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
බීමතින් පැමිණි බාල සහෝදරයා ඔහුගේ මව , පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගෙන ඔවුන්ට පහර දෙන බව ප්‍රකාශ කරමින් 118 දුරකථන මධ්‍යස්ථානය මඟින් බලංගොඩ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලබා දී තිබේ. එම තොරතුර මත බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් තිබේ. නමුත් පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් බීමත්ව සිටි බාලසහෝදරයා විසින් ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහර දී ඔහු බරපතළ තත්ත්වයෙන් සිටි බව සඳහන්.
තුවාලකරුව පොලිස් නිලධාරීන් විසින් බලංගොඩ රෝහල වෙත ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සේනක බලගහමුල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (19) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































