අද (26) දින සවස සහෝදරයන් දෙදෙනකු දියනෑමට මාන්කුලම් ප්‍රදේශයේ වැවකට ගිය අවස්තාවකදී දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තාවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාන්කුලම, මල්ලාවි හි වව්නිකුලම් වැවේ දිය නාමින් සිටි සහෝදරයන් දෙදෙනකු බව පොලීසිය සදහන් කරයි.
දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 වන රවි චන්ද්‍රන් සහ ඔහුගේ මල්ලි වන 16 හැවිරිදි සුරේෂ් යන අය බවයි වාර්තා වන්නේ.
මෙම සිරුරු දෙක මල්ලාවි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කොට තිබේ.














































