දකුණු කොරියාවේ ලෝක ප්‍රකට සංගීත කණ්ඩායමක් වන බීටීඑස් (BTS) කණ්ඩායමේ සාමාජිකයින්ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය සඳහා එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එම කණ්ඩායමේ සිටින වැඩිමහල් ම සාමාජිකයා වන්නේ වයස අවුරුදු 29ක් වන “ජින්” වන අතර ඔහු පළමුවෙන් හමුදා සේවයට සම්බන්ධ වීමට නියමිතව ඇත.
මොහු දෙසැම්බර් මස වන විට වයස අවුරුදු 30ට එළඹීමට නියමිත අතර එතැන් සිට වසර 02ක කාලයක් ඔහු සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත්ව හමුදා සේවය සඳහා යොමු වීමට නියමිතව ඇත.
ලොව බොහෝමයක් තරුණ ප්‍රජාවගේ අවධානය දිනාගෙන ඇති BTS සංගීත කණ්ඩායම විශේෂයෙන් තරුණියන් අතර වැඩි වශයෙන් ප්‍රකටව ඇත.