වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බවට පොලිසිය සදහන් කර තිබේ.
තමාගේ බස් රථයට දඩකොලයක් ලබාදීම නිසා උරණ වූ මෙම පුද්ගලයා මෙලෙස මරණ තර්ජනය සිදු කර තිබෙන බවට පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (02) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































