ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ ,පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක සේවයක් කිරීමට අමාත්‍යවරයා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
“අවාසනාවකට අමාත්‍යවරයා පහුගිය කාලය පුරාම අමාත්‍ය ධුරය දැරුවත් පොදු ප්‍රවාහන සේවාව ගුණාත්මක පැත්තට තල්ලු කරන්න කටයුතු කළේ නෑ. ඒකේ විපාකය අද ජනතාවට විඳින්න වෙලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඩීසල් රු 15කින් අඩු කරාට අපිට ජනතාව වෙනුවෙන් ඒ ප්‍රතිලාභය දෙන්න ප්‍රායෝගිකව හැකියාවක් නෑ. මොකද හේතුව තමා රුපියලක්, රුපියල් දෙකක් අඩු කරලා, ඒක ප්‍රායෝගිකව ජනතාවට ලැබෙන්නෙත් නෑ ඒ වාසිය. අපිට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා සංගමය විදියට තීරණය කළා යම් ආකාරයක අපිට විද්‍යුත් ක්‍රමවේදයක් තුළ අපිට ප්‍රවේශපත්‍රයක් ලබා ගැනිමින් කොන්දොස්තරවරයා ඇතුව හෝ නැතුව විද්‍යුත් ක්‍රමවේදය මත කාඩ් පතකින් ජනතාවට මුදල් ගෙවන්න ක්‍රමවේදය සැලසුම් කළොත් අපිට අනිවාර්යයෙන්ම මේ සහනය අපිට ජනතාවට දෙන්න පුළුවන්. ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය හෙට දුන්නොත් අපිට හෙට බස් ගාස්තුව අඩුකරන්න පුළුවන්. එහෙම නැතුව කිසිසේත්ම මේ බස් ගාස්තුව අපිට අඩුකරන්න පුළුවන් කමක් නෑ. මොකද හේතුව ප්‍රායෝගිකව මේ සහනය ජනතාවට ලැබෙන්නේ නෑ…”
 
	    	



























 
		    

















