ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 වර්ෂයේ දී අත්සන් තබා ඇති අතර එම ගිවිසුම සංශෝදනයට 2016 වර්ෂයේ දෙපාර්ෂවය එකගතාවකට පැමිණ තිබුණි.ඒ අනුව වසර 20 කට පසුව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝදනය කිරීම සඳහා යෝජනාව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ (17) දින ඉදිරිපත් කළ අතර එම ගිවිසුම අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.














































