ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන්වලට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගැනීම සදහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීමට මුදල් අමාතවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද (09) කැබිනට් හමුවට එක් වෙමින් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතව තිබෙන බව සඳහන්.
“පීඩාවට පත්වෙන ජන කොටස්වලට යම් යම් සහන රාශියක් ලබාදීම සඳහා යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 200ක් රුපියල් මිලියන 66,000ක් ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති ඉදිරියට ගෙන යෑම සඳහා කැබිනට් අනුමැතිය ජනාධිපතිතුමා විසින් ඉල්ලා සිටියා.”














































