සමූපකාර තොග වෙළද සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සදහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
ඒ අනුව සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු ඉටුකිරීම සදහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අදාළව නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය හිමිව ඇති බව සදහන්.














































