ඊයේ (16) දහවල් පුද්ගලයින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බස් රථයකින් කන්දකුලිය – තුඩාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංචාරක හෝටලයකට පැමිණ ඇති අතර ඔවුන්ට එහි නාවාතැන් ගැනීම සඳහා වන මුදල් ණය කාඩ්පත් මඟින් ගෙවීම් සිඳු කර කාමර පහක් වෙන් කර ඇති බව වාර්තා වේ.
පසුව ඒ පැමිණි පිරිස අතරේ සිටි පිරිමි පුද්ගලයින්ට මත්පැන් පානය කිරීමට අවශ්‍ය යැයි පවසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස හෝටලයේ සේවකයින්ගෙන් ඉල්ලා ඇති අතර එම සේවකයන් විසින් සකසා දුන් ස්ථානයේ පසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමින් ගැටුමක් ඇති කරගෙන ඇති බව සඳහන්.
එහිදී හෝටල් සේවකයින් දෙදෙනෙකුට පහර දී එහි තිබූ රුපියල් 85,000ක මුදලක් , රූපවාහිනී දුරස්ථ පාලකයක් සහ රුපියල් 15,000ක් වටිනා තුවා 6 ක් රැගෙන එම පිරිස පැමිණි බස් රථයෙන්ම පලා ගොස් තිබේ.
පැමිණි පිරිස අතරේ කාන්තාවන් හය දෙනෙකු , පිරිමි පුද්ගලයන් හය දෙනෙකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකු සිට ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් සේවකයින් විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ පිරිස පැමිණි බස් රථයේ ලියාපදිංචි අංකය පොලීසිය වෙත ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන්.එම ලියාප්දිංචි අංකය අනුව එම පිරිස සොයා ගැනීමට කටයුතු කරන බව කල්පිටිය පොලීසිය ප්‍රකාශ කර තිබේ.