කැන්ඩොස් චොකලට් නිෂ්පාදකයා වන සිලෝන් චොකලට් සමාගම(Ceylon Chocolates Limited) සිය චොකලට් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෑතක දී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මහියංගන ප්‍රදේශයෙන් මිලදී ගත් කැන්ඩෝස් චොකලට් වර්ගයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් එම වර්ගයේ නිෂ්පාදන කාණ්ඩය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත් කර ඇතැයි එම සමාගම පවසා තිබේ.
සිලෝන් චොක්ලට් සමාගම මෙහිදී මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳ කනගාටුව පළකර තිබේ.
මෙම සන්නාමය යටතේ වෙළඳපොළට පැමිණි චොකලට් ඇසුරුමක් තුළ මනුෂ්‍ය ඇඟිල්ලක කොටසක් පැවැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුකෙරෙමින් පවතින අතර මෙම ප්‍රචාරය නිසා මහජනයා තුළ මෙම නිෂ්පාදනය පිළිබඳව පිළිකුලක් ඇතිව තිබේ.














































