කඩුවෙල නගරයේදී අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ මෝටර් රථය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමග මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 70ක් ද පොලිසිය විසින් සොයාගත් බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අතුරුගිරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































