වෙළඳපොලේ කැරට් සහ බෝංචි මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ .
ඒ අනුව ඊයේ (25) පෑලියගොඩ මැනිං වෙළඳපොළේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 – 350 ත් අතර මිලක පැවති බවත් , මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 400 ක මිලක් පැවති බවත් සදහන් වේ.
එමෙන්ම පෑලියගොඩ , මීගොඩ සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල කැරට් තොග මිල රුපියල් 400 – 370 ත් අතර මිලක පැවති බව වාර්තා වේ .