ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන සෙලීන් ඩියෝන් දුර්ලභ ස්නායු ආබාධයකින් පෙලීම හේතුවෙන් ඇය විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන සියලුම ප්‍රසංග අවලංගු කිරීමට කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැය 2023 සහ 2024 වර්ෂවල පැවැත්වීමට නියමිතව තිබූ සියලුම සංදර්ශන සහ සංචාර අවලංගු කර ඇති බවත් , රසිකයන් අපහසුතාවයට පත් වීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් 55 හැවිරිදි සෙලීන් ඩියෝන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































