ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසාදැමීමට සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
දෛනිකව ඉන්ධනහල් වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදාහරින බවත් එය ඉන්ධන හිඟ කාලයට සාපේක්ෂව ඉහළ අගයක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
පවතින ඉන්ධන තොග සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වනපරිදි සාධාරණ පදනමකින් බෙදාහැරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමනාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව තාවකාලික හා කෙටිකාලීන සීමාකම් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.