ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර මොහුව අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් චන්දිම නයනජිත් මහතා ලබන අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළ බව වාර්තා වේ.














































