ඉන්දියාව විසින් සඳ වෙත යවන ලද චන්ද්‍රයාන් – 3 යානය සඳෙහි ගොඩබැසීම අද (23) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉන්දීය වේලාවෙන් අද (23) පස්වරු 6.04ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට චන්ද්‍රයාන් 3 යානයේ වික්‍රම් නැමැති රොබෝ ගවේෂණ යානය පතිත කිරීමට නියමිත බවයි.
එමෙන්ම ඉන්දීය අභ්‍යවකාශ පර්‍යේෂණ ආයතනය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මේ වනවිට සඳුගේ කක්ෂයේ ඇති වික්‍රම් යානය සඳට ගොඩබැසීම ආරම්භ කර පහළට යෑම සඳහා මිනිත්තු 20 ක පමණ කාලයක් ගත වනු ඇති බවයි.















































