ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා මගින් සේවා සැපයීමේදී කරන අය කිරීම් Online ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් , ආයතන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ඊට අදාළ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරනු ලැබුවේ ලබන වසරේ මාර්තු වන විට සෑම රාජ්‍ය ආයතනයකම Online මුදල් අය කිරීමේ ක්‍රමවේදය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.













































