2023 වර්ෂයේ 2023 ඡන්ද හිමි ලේඛනයට තම නම ඇතුළත්ව තිබේදැයි බලා ගැනීම සඳහා සියලු පුරවැසියන්ට අවස්ථාව හිමිව ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය දන්වා තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස තම නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවත් , ඒ සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසිය හැකි බවත් එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර තිබේ .














































