රජයේ පාසල්වල 2024 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට සාමාන්‍ය පන්ති කාමරයක ඉගෙනුම ලැබීමේ වරප්‍රසාද මෙවර හිමිකර දීමට විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් කලාපයේ සිටින අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඇතිව රජය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නීලමනී මලවිආරච්චි ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙලෙස විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සාමාන්‍ය දරුවන් අතරට පළමුවැනි ශ්‍රේණියේදීම ඇතුළත් කරනුයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් , මෙය එම දරුවන්ට පිරිනමන විශේෂ වරප්‍රසාදයක් බවත් , කැබිනට් අනුමැතිය සහිතව මෙම අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































