දකුණු චීන මුහුදේ “පාවෙන බාධකයක්” දැමීම හේතුවෙන් චීනය සහ පිලිපීනය අතර මතභේදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ .
චීන වෙරළ ආරක්ෂක බලඇණිය විසින් එම “පාවෙන බාධකය” ස්ථාපනය කර ඇති අතර පිලිපීනය පවසන්නේ ඒ හේතුවෙන් සිය ධීවරයින්ට මාළු ඇල්ලීම සඳහා මුහුදු යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
දකුණු චීන මුහුදේ සීමාවන් සම්බන්ධයෙන් දෙරට අතර මතභේද තත්ත්වයන් ඇති අතර Bajo de Masinloc නම් කලාපය ඉතා සශ්‍රික මෙන්ම මසුන් බහුල ප්‍රදේශයක් ලෙස ප්‍රකට බව සඳහන් .
එම කලාපයේ ඇති කොරල් පර විනාශ කළ බවට පිලිපීන බලධාරීන් මීට පෙර චීනයට චෝදනා කළ නමුත් එම චෝදනා චීනය ප්‍රතික්ෂේප කරන ලදී .















































