රාජ්‍ය සහාය ලබන චීන හැකර්වරුන් පිරිසක් ඇමෙරිකාවේ යටිතල පහසුකම් සපයන ආයතන රැසක ඔත්තු බලමින් සිටින බවත් , ඇමෙරිකාවේ අතිශය සංවේදී ආයතන වන ප්‍රවාහන ක්ෂේත්‍රය , විදුලි සංදේශ ආයතන ඇතුළු අංශ ගණනාවක ආයතන රැසක් මෙම චීන හැකර්වරුන්ගේ ඉලක්කය වී ඇති බවත් , නිශ්චිතවම කොපමණ ඇමෙරිකානු යටිතල පහසුකම් සපයන ආයතන සංඛ්‍යාවක් හැකර්වරුන්ගේ ඉලක්කය වී ඇති වග හෙළි වී නොමැති බවත් බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.















































