2021 ජනවාරි මාසයේදී යාපනය වෙරළට ඔබ්බෙන් වූ නයිනතිව් , ඩෙල්ෆ්ට් හෝ නැදුන්තිව් සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව , චීන සමාගමක් වන ” Sinosar Etechwin ” වෙත කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවදිල්ලි සංචාරයෙන් ටික දිනකින් පසුව මෙම ව්‍යාපෘතිය සඳහා චීනය වෙනුවට ඉන්දියාව තෝරා ගැනීමට ශ්‍රී ලංකාව ටෙන්ඩර් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 12ක ප්‍රදානයක් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා ටෙන්ඩර් කැඳවා තිබූ බව සඳහන් .