රු.ලක්ෂ 75 ක අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක්ට විරුද්ධව CID ය විසින්ම විමර්ශන කටයුතු ආරම්භ කළ සිදුවීමක් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.
බස්නාහිර පළාත් උතුරු දිශාව අපරාධ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටියදී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදා හරිමින් සිදු කරන ලද දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙසේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
උණ්ඩියල් ක්‍රමයට මුදල් යොමුකරන සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකදී අත් අඩංගුවට ගත් රු.ලක්ෂ 75කට අධික මුදලක් මෙසේ වංචා කර ඇති බව වාර්තා වේ.
මෙම මුදල සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නඩු භාණ්ඩ අදාළ සැකකරුවන්ට යළි මුදා හැරීමට කටයුතු කළ බවට වන චෝදනා යටතේ මෙම පරීක්ෂණ සිදුකරයි.
රාවණා සටහන.
රටේ නීතිය පසිඳලීමට පත්කර ඇති මෙම නිලධාරීන් ,මෙම ආයතන මෙසේ හැසිරෙන්නේ නම් ජනතාව මෙවැනි නිලධාරීන් මත කෙසේ විශ්වාසය තබන්නද.රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට සහ නීති විරෝධී දූෂණ වංචා සෙවීමට පත්කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම දෙපාර්තමේන්තුවේම හිටපු උසස් නිලධාරියෙකුගේ දූෂණ වංචාවන් විමර්ශනය කිරීමට භාර වීම කෙතරම් අභාග්‍ය සම්පන්නද.මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාවන් සමස්ථ ආයතනයට ම කළු පැල්ලමක් එක් කරනු ලබයි.
වත්මන් ජනාධිපති තුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සම්පූර්ණ පද්ධතියම සුද්ද කර මෙවැනි කැළිකසළ එළියට ඇද දැමිය යුතු කාලය පැමිණ ඇත.තවත් කල්යල් බැලීමෙන් ඵලක් නැත.















































