ඉදිරියේදී මෙරට කුරුඳු චීනය වෙත ද අපනයනය කිරීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී දිස්නා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අපනයන වෙළෙඳපොළ තුළ කැෂියා කුරුඳු සහ සත්‍ය කුරුඳු ලෙස කුරුඳු වර්ග දෙකක් පවතින බවත් , මෙම කැෂියා කුරුඳු නිෂ්පාදන රටවල් අතර මේ වන විට චීනය ඉහළින්ම සිටින නිෂ්පාදකයෙක් වන බවත් , එබැවින් මෙරට කුරුඳු චීනය වෙත අපනයනය කිරීමට අවස්ථාව හිමිවුවහොත් එය මෙරට අපනයන ක්ෂේත්‍රයේ සුවිසල් පිම්මක් වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබේ .