2024 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද (13) නිකුත් කරන බව අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනය කළ බව වාර්තා වේ.
ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් අනතුරුව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව පවතින අතර අගෝස්තු මස 18 වනිදා දක්වා මෙලෙස අයදුම්පත් යොමු කළ හැකි බව සඳහන් වේ.
එමෙන්ම අයදුම්පත් යොමු කිරීමේදී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ජුනි 30 වැනිදාට පෙර සහතික කළ යුතු බව ද වාර්තා කර තිබේ.













































