ණය ප්‍රතිව්‍යුහගතකරණය කළත් ගෙවාගන්න බැරි හිඟ ණය ගෙවීම සඳහා මෙරට පුරවැසියන් 2048 වන තෙක් නීතියෙන් බැදී සිටින බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
හෝමාගම දී ඊයේ (10)මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසන ලදි.
රටේ ණය ගැටලුවට දේශපාලන විසඳුමක් හෝ දේශපාලඥයින්ට විසඳුමක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
ඒ සඳහා විසඳුම ඇත්තේ රටේ වැඩකරන ජනතාව අතර බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.














































