ගෝමරන් කඩවල කරගහවැව ගම්මානයට අද සවස් කාලයේ කඩා වැදුණු වල් අලි රංචුවක් එළවීමට ට ගිය නිලධාරීන් පිරිසක් අතරේ සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකුට වල් අලියෙකු පහරදීම නිසා එම භටයා මියගිය බවට ගෝමරන්කඩවල පොලීසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ ආනන්ද ගාමිණි (010098) නැමැති සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකි.
වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකායේ භට කණ්ඩායමක් කරගහවැව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුව එළවීමට උත්සාහ කිරීමේදී මෙම සිවිල් ආරක්ෂක භටයාට වල් අලියෙකු පහරදී ඇතැයි ගෝමරන් කඩවල පොලිසියේ නිලධාරියෙකු සදහන් කරයි.














































