මනිප්පායි පොලිස් වසමේ ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බ හතරක් සොයාගත් බව වාර්තා වේ.
මනිප්පායි සුදු මලේ උතුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක බිම සකස් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වළදමා තිබූ බැරල් දෙකක් තුළ තිබී මෙම බෝම්බ හමුවූ බවට පොලීසිය පවසයි.
යුද සමයේදී වැලලූ බෝම්බ බවට පොලීසිය සැක පළ කරන අතර මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු මනිප්පායි පොලීසිය විසින් සිදුකරනු ලබයි.
 
	    	



























 
		    

















