රුසියානු ගුවන් සමාගමක සහය නියමුවෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (15) මියගොස් ඇති බව වාර්තා වේ.
64 හැවිරිදි මෙම සහය ගුවන් නියමුවා පසුගිය දොළොස් වැනි දා රුසියානු සමාගමේ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව සදහන්.
මොහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.