ඇමෙරිකාවේ නිල නිවස වන ධවල මන්දිරයේ ආරක්ෂාවට සිටින බුද්ධි අංශයේ නිලධාරීන් විසින් එහි බටහිර කොටසේ සිදු කළ මුර සංචාරයක දී කෝකේන් මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සිද්ධියෙන් අනතුරුව ධවල මන්දිරයේ සියලුම කාර්‍ය මණ්ඩලය තාවකාලිව ඉන් ඉවත් කිරීමට බුද්ධි අංශ පියවර ගෙන තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරන බවත් , ඒ හේතුවෙන් ධවල මන්දිරයේ ප්‍රකාශකයන් වැඩි දුර තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින බවත් සඳහන් .
මෙලෙස ධවල මන්දිරයෙන් හමු වූ මත්ද්‍රව්‍ය කෝකේන් බව අනාවරණය වීමෙන් අනතුරුව ධවල මන්දිරයේ කාර්‍ය මණ්ඩලයට නැවත එහි සේවය කිරීමට අවසර ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































