පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ග මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙන බව වාර්තා වේ .
අද (10) අලුයම 1ට පමණ මාර්ගය යළි විවෘත කිරීම සිදු කළ බව සඳහන් .
හපුතලේ – බෙරගල අතර විහාරකැලේ ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රී 8ට පමණ ප්‍රධාන මාර්ගයට පස් කන්ද සමග විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වුණි. ඒ හේතුවෙන් අධිබලැති විදුලි රැහැන්වලට පවා හානි සිදු වී තිබූ අතර පැය 4ක පමණ කාලයක් මාර්ගය අවහිරව තිබුණි.
පසුව මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය හල්දුම්මුල්ල හා හපුතලේ පොලීසි එක්ව මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට යුහුසුළුව කටයුතු කරනු ලැබීය.
හපුතලේ – බෙරගල මාර්ගයේ මෙම ප්‍රදේශය අධික බෑවුම් සහිත මාර්ගයක් වන අතර, පවතින අධික මීදුම් තත්ත්වයෙන් මාර්ගය වැසී ගොස් ඇති බව වාර්තා වේ .
නමුත් තවදුරටත් මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් හපුතලේ – බෙරගල මාර්ගයේ රිය ධාවනය කරන විට සැලකිලිමත් වන ලෙස හපුතලේ පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ .















































