ඊයේ (08) දින කොළඹ කොටස් වෙළදපොල මිල දර්ශකයේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.22කින් ඉහළ ගොස් ඒකක 8926.58ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 34.37 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 2593.44 ක් ලෙස බව සඳහන්.
එමෙන්ම ඊයේ දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 885 ක් ලෙස වාර්තා වී තිබේ.