පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සිංගප්පූරුවේ ගුවන් තොටුපොළවල මගී නිශ්කාශන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බවට වාර්තා වේ.
මේ හේතුවෙන් එරට ප්‍රධාන ගුවන් තොටුපොළ වන චැංගි ගුවන් තොටුපොළෙහි විශාල තදබදයක් හටගෙන තිබේ.
එරට ආගමන විගමන බලධාරීන් නිවේදනය කර ඇත්තේ මගී නිෂ්කාෂණ පද්ධතියේ ඇති වූ මෙම දෝෂය යථා තත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.















































