හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සදහා සමාගම් 7ක් ඊයේ (27) වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
ක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOI ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සදහා ඉල්ලීම් නිකුත් කරන බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
මේ සදහා ඉදිරිපත් කර ඇති සමාගම් 7 වන්නේ,
නයිජීරියාවේ Grant & Shearer Ltd
චීනයේ Sinopec
මැලේසියාවේ Petrichor Capital Sbn Bhd
සිංගප්පූරුවේ Vitol Group
ඉරානයේ Matin Tejarat Co
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි රාජ්‍යයේ Harree Managment Servies (Pvt) Ltd. with Marka Invest
ශ්‍රී ලංකාවේ Deniyaya Engineering Sales and Servies Syndicate














































