ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා මෙසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ගේ නාමයන් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ (09) දිනයේදීම යොමු කළ බව සඳහන්.














































