පොලිස් නිලධාරින්ගේ භට නිවාස තුළ අල්මාරි කඩා භාණ්ඩ සොරා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී අබිං මිලිග්‍රෑම් 50ක් ,T56 උණ්ඩ දෙකක්, පිස්තෝල උණ්ඩයක්, ටී-56 පුහුණු උණ්ඩ දෙකක්,නඩු භාණ්ඩ මුද්‍රා කර තිබූ බවට සැක කෙරෙන මුද්‍රා කඩන ලද ලිපි කවර දෙකක්, විවිධ වර්ගයේ පිහි තුනක්,මත්පෙති අඩංගු බෙහෙත් කාඩ් එකක්,විද්‍යුත් තරාදියක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ නමුත් මේ සිද්ධිය පිළිබඳව පොලිස් කොස්තාපල්වරයා සෘජුවම සම්බන්ධ ද නැද්ද යන්න පිළිබඳ ඉදිරිපත් කිරීමට අවශ්‍ය ස්වාධීන සාක්ෂි අප වෙත වාර්තා වී නැත.