ශ්‍රී ලංකාවේ ණය හිමියන් අද (09) ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සූදානම් බවත් එය අන්තර්ජාලය හරහා සිදු කිරීමට නියමිත බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
නමුත් මෙම සාකච්ඡා වටය සඳහා චීනය සහභාගී වන බවට මෙතෙක් නිශ්චිත දැනුම් දීමක් සිදු කර නොමැති බව සඳහන්.
පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ දී එකඟ වූ පරිදි මෙන්ම එමගින් මධ්‍ය ආදායම්ලාභී රටවල් මුහුණ දී ඇති ණය අර්බුදයට ආකෘතියක් සපයනු ඇතැයි බලාපොරොත්තු වන අතර මෙම සාකච්ඡා වටය සඳහා සියලුම ද්වීපාර්ශ්වික ණය හිමියන්ට ආරාධනා කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ඉන්දියාව , ප්‍රංශය සහ ජපානය එක්ව මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.