ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දරුණු ගංවතුර තත්ත්වයක් වාර්තා වී තිබේ.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම පළාත මුහුණදුන් බරපතළ ම ගංවතුර තත්ත්වය මෙය බවයි.
එම ප්‍රදේශවල ජීවත්වූ විශාල පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් අතරමං වී ඇති බව සඳහන් ය.
ජලයෙන් යටවී ඇති කෙයාන්ස් ගුවන්තොටුපොළෙහි කිඹුලන් එහා මෙහා යන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය වල සංසරණය වන බව වාර්තා වේ
 
	    	



























 
		    


















