කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලද පැමිණිලි 07කට අදාළව සිදු කළ විමර්ශනයකින් විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින්
ඊයේ (18) වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම සැකකරු විසින් බ්‍රිතාන්‍යය සහ පෝලන්තය යන රටවල රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර තිබෙන අතර මෙම පුද්ගලයාට එරෙහිව නාරහේන්පිට පොලීසියටද පැමිණිලි 14ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ .
අදාළ සැකකරු 55 හැවිරිදි සුදිත් කසුන් මාරගේ නමැති පුද්ගලයෙකි.
මෙම සැකකරු විසින් මෙවැනි ආකාරයටම දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටීයි.














































