පදවිය පොලිසියට අනියුක්තව රාජකාරියේ යෙදෙන විවාහක පොලිස් නිලධාරියෙකු තවත් පොලිස් කොස්තාපල්වරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ.
මෙම පොලිස් කොස්තාපල්වරිය 2019 දී නෙදුන්කෙනි ප්‍රදේශයේ සේවයේ සිටියදී මෙම සම්බන්ධය පවත්වා ඇති අතර විවාහ කරගන්නා ලෙස රවටා මෙම මුදල ලබාගෙන පසුව ඇයව මගහැර ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව ඇය වව්‍නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට කල පැමිණිල්ලකට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ .














































