නයිජීරියාවේ ඊසානදිග අදමාවා ප්‍රාන්තයේ යෝලා හි ආහාර ගබඩා කොල්ලකෑම හේතුවෙන් අදමාවා ප්‍රාන්තයේ පැය 24ක කාලයක් සදහා ඇදිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.
පසුගිය මාසයේදී නයිජීරියාව විසින් ඉන්ධන සහනාධාර කපා හැරීම ආහාර සහ පෙට්‍රල් මිල ඉහළ යාමට බලපෑ බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
සිය ගණනක් මිනිසුන් ආහාර ගබඩාවලට කඩා වැදී ,ධාන්‍ය ගෝනි මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බව පැවසේ.
ආණ්ඩුකාර අහමදු උමරු ෆින්ටිරිගේ නියෝග මත ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ආරක්ෂක නිලධාරින් යොදවා ඇති බව සදහන්.















































