ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ද සංශෝදනය කිරීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (12) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 100 ක බද්දක් අය කිරීමට නියමිතව ඇති අතර මෙම බදු සංශෝදනය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව සඳහන් වේ.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සදහා 20% ක හෝ රුපියල් 225 ක රේගු ආනයනික බද්දක් පනවා තිබූ අතර එය පසුගිය කාලයේ ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
එමෙන්ම බදු ඉහළ දැමීමක් සිදු වුවද කිරිපිටි මිලෙහි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව කිරිපිටි ආනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.