රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධය දක්වන වෘත්තීය සමිති සමග එක්ව විරෝධය පළ කරන බව රේගු නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔවුන් ප්‍රකාශ කරනු ලබන්නේ රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීම උදෙසා සාධාරණ ප්‍රතිපත්තියක් යටතේ බදු ගෙවීමට සිය වෘත්තීය සමිති එකග වූවත් රජය විසින් හදුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය කිසිදු සාධාරණයක් නොමැති බවත් රේගු නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.














































